top of page

සාකල්‍යමය ගෝලත්ව පුහුණු පාසලේ අරමුණ වන්නේ අපගේ මව්බිම වන ශ‍්‍රී ලංකාව තුල බාධක ජය ගැනීමට සහ සියලූ ජාතීන් ගෝලයන් කිරීමට සභා නායකයින් - කාන්තා නායකයින් සහ තරුණ නායකයන් සන්නද්ධ කිරීමයි. මේ සඳහා, පසුගිය වසර 70 පුරා සාකල්‍ය දේවසේවයේ නියැලී සිටින NECASL  විසින් සකස් කරන ලද විෂය මාලාව පදනම් වී ඇත්තේ ”ගෝලත්ව දේශය” යන රාමුව මතය. එහි අරමුණ වන්නේ සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ ප‍්‍රජාවන් තුළ සුභාරංචිය දේශනා කිරිම සහ ක‍්‍රිස්තුස්වහන්සේ හා සමාන සබඳතා තුලින්, සාරධර්ම සහ සංස්කෘතිය තුළ ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරිමයි. සුුභාරංචිය යනු පව්කාර මිනිසුන් පමණක් නොව ජාතික රාජ්‍ය ඇතුළු සියලූ මැවිල්ල පරිවර්ථනය කිරීමයි.

එම නිසා අප මෙම ප‍්‍රශ්නය අසන්නෙමු:

ගෝලත්වයට පත් වූ දේශයක් කෙබඳු වේද?

සභාවන් වල එකමුතු පරිශ‍්‍රමය, ශ‍්‍රී ලංකාව මෙම ගෝලත්ව දේශය බවට පරිවර්ථනය කිරිමට දායක වන බව අපි විශ්වාස කරමු. මෙම ගෝලත්ව දේශය තුළ ඊට අනුකූලවු ගුණාංග හතරක් තිබේ.

SHDT design-01.png

ආර්ථීක ස්වයංපෝෂිතබව

SHDT design-02.png

සාමාජීය සාමය

SHDT design-03.png

පොදුජන යුක්තිය

SHDT design-04.png

පෞද්ගලික හා සාමුහික ධර්මිෂ්ඨකම

එම කාරණා මත පදනම් වූ සෑම මොඩියුලයකමල ප‍්‍රාථමික සංකල්ප පිළිබඳ හැඳින්වීමක්ල වර්ථමාන සමාජ වාතාවරණයෙහි විශ්ලේෂණයක්ල බයිබලානුකුල විග‍්‍රහය සහ සභා නායකයින්ට සහ අවසානයේ සභාවන් සඳහා ඔවුන්ගේ දේවසේවයට ඇතුළත් කිරීම සඳහා සවිස්තරාත්මක ප‍්‍රායෝගික පියවර අඩංගු වේග එමෙන්ම මෙම ඉගැන්වීම් සිංහල සහ දෙමළ භාෂාවලින් පවත්වනු ලැබේග

පාඨමාලව  පිළිබඳව

ජ්‍යෙෂ්ඨ සහ තරුණ සභා නායකයින් මෙන්ම දේවධර්මාචාර්යවරුන්ගෙන් සමන්විත කෙටුම්පත් කමිටුවක් විසින් විෂය මාලාව සකස් කරන ලදී. අදාළ ක්ෂේත‍්‍රවල පළපුරුදු පුද්ගලයන් විසින් උගන්වනු ලබන මෙම පාඨමාලාව සති 12ක ප‍්‍රායෝගික සේවකත්ව පුහුණුවක් වේ. එය පැය 24ක සජීවී සැසිවාර ZOOM සහ  GOOGLE CLASS ROOM  හරහා භාෂා තුනෙන්ම උගන්වනු ලැබේ. එක් වාරයකට ශ‍්‍රී ලංකාවේ සභාවන් 25 කින් සභා නායකයින් 3 දෙනෙකු ඇතුළත් වන අතර කාන්තා නායිකාවක් සහ තරුණ නායකයෙක්ද ඇතුළත් වේ. පුහුණුව අවසාන අදියරෙදි, මොඩියුල 4ම සම්පූර්ණ කරන සභාවන් වලට NCEASL  වෙතින් ප‍්‍රායෝගික සේවකත්ව පුහුණු සහතිකයක් පිරිනමනු ලැබේ.

SHDT logo - PNG-15.png

Get in touch with us

Thank you for submitting!

Stay connected

  • X
  • Instagram
  • Facebook

Your support 

can bring change

© COPYRIGHTS NCEASL 2021
DESIGNED BY THE NCEASL COMMUNICATIONS TEAM
bottom of page